ප්රධාන පක්ෂ සියල්ලම පාහේ මැතිවරණ නීතිය උල්ලංඝනය කර තිබෙනු තමා දුටු බව ඌව පළාතේ මොනරාගල හා මහියංගණය යන ප්ර‘දේශවල සංචාරය කළ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්රිය මහතා 'අද'ට පැවසීය.
පසුගිය වසරවල පැවැති පළාත් සභා මැතිවරණවලදී මෙන් මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීම් පිළිබඳව ඌව පළාත දැඩි පරීක්ෂාවකට ලක් නොවූ බවත් මෙවර මැතිවරණයේදී විශේෂයෙන් සැරසිලි, කටවුට් ප්රදර්ශනය සෑම පක්ෂයකින්ම අඩු වැඩි වශයෙන් සිදුකර ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.