ජලාශවල පෝෂිත ප්‍රදේශයන්ට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ජලාශ 73ක ධාරිතාවය සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බවත් එයින් ජලාශ 53ක් වාන් දමමින් තිබෙන බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එසේම දෙපාර්තමේන්තුව සතු මධ්‍යම පරිමාණයේ ජලාශ 160න් 120ක්ම වාන් දමමින් තිබෙන බවත් එයින් ජලාශ 83ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන බවත් ඔවුහු වැඩිදුරටත් පවසති.