වායුගෝලයේ තෙතමනය ඉහළ යාම නිසා දැනට පවතින අධික උෂ්ණත්වය ජුනි මස අවසන් වන තෙක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ජුනි මාසය අවසන් වීමත් සමග මෝසම් වැසි ආරම්භ වීමට නියමිත නිසා එම උණුසුම් තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බවට අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක වායුගෝලයේ පවතින අධික වියළි තත්ත්වය නිසා ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වය ශ්‍රී ලංකාව තුළ ඇති නොවන බවත්, මෙරට තුළ පවතින්නේ සාමාන්‍ය තත්තවයක් බවද කාර්යයේ නියුක්ත කාලගුණ විද්‍යාඥ චන්න රොඩ්රිගෝ මහතා පවසයි.
දිවයින තුළ පිහිටි වාතයේ තෙතමනය අධික හෙයින් අධික උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙන බවත්, මේ හේතුවෙන් මිනිස් ශරීරවලට අධිකව දහඩිය දැමීම සිදුවන බවත් ඒ මහතා සඳහන් කළේය.
මෝසම් වැසි ආරම්භක අවධිය මේ වනවිට ආරම්භ වී තිබෙන බැවින් ඉදිරි දින දෙක තුනක කාලය තුළදී බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමු ප්‍ර‘දේශවල වර්ෂා තත්ත්වය ඉහළ යා හැකි අතර, ඊට අමතරව අනෙකුත් ප්‍ර‘දේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද චන්න රොද්‍රිගෝ මහතා සඳහන් කළේය.