දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්ත්වයත් සමගින් ප්‍රදේශ කිහිපයකම විදුලිය බිඳ වැටී තිබේ. ඒ අනුව අම්පාර, පොලොන්නරුව, ගාල්ල, මාතර, කොළඹ හා කලුතර යන ප්‍රදේශවල මෙසේ විදුලි සැපයුම බිඳ වැටී ඇත.
ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන් දින දෙකක වර්ජනයක් ආරම්භ කර තිබීම හේතුවෙන් විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරිමට තරමක බාධාවක් එල්ල වී තිබේ. ඒ ඔවුන් එම සේවාවලින්ද ඉවත්ව ඇති හෙයිනි.
කෙසේ වෙතත් වර්ජනයට සහාය නොදක්වන සේවයකයන් ලවා විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට අමාත්‍යාංශය කටයුතු කරමින් සිටියි.