කලටුවාව ජල පවිත්‍රගාරයේ නවීකරණ කටයුත්තක් හේතුවෙන් හෙට(16දා) දිනයේ ප්‍රදේශ කිහිපයක හෙට දහවල් 12.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය දැනුම්දෙයි.
ඒඅනුව මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, හෝමාගම, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ, ගොඩගම, මීපේ, හංවැල්ල, කළුඅග්ගල සහ පාදුක්ක යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලැබේ.
මීට අමතරව අදාළ කාලය තුළ කඩුවෙල ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජල සැපයුම සිදු වන බව එමද මණ්ඩලය පැවසුවේය.