ප්රතිසන්ධානය පිළිබඳ විශේෂ ජනාධිපති කාර්යසාධක බලකායක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බව ජනාධිපති කාර්යාලය පවසයි.
විශ්වාසය, සමගිය හා සැමගේ සහභාගීත්වය සහිත ජාතියක් ගොඩනැගීමේ මූලික අවශ්‍යතාවය කෙරෙහි සැලකිලිමත් වීම මූලික අරමුණ කර ගනිමින් ප්රතිසන්ධානය පිළිබඳ ජනාධිපති විශේෂ කාර්යසාධක බලකාය ස්ථාපිත කර ඇති බවද කියයි.
චාර්ලි ජයවර්ධන මහතා මෙහි සභාපතීත්වය දරණ අතර ජාවුඩ් යුසුෆ්, කන්දයියා නීලකන්ඩන්, මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර, ආචාර්ය රාම් මානික්කලිංගම්, රියෙන්සි අර්සකුලරත්න යන මහත්ම මහත්මීන් සහ ප්‍රියන්ති ප්‍රනාන්දු මෙනෙවිය සෙසු සාමාජික සාමාජිකාවෝ වෙති.