රජයේ සමජ සුබ සාධන වැඩසටහන්වල ප්රතිලාභ ව්‍යාජව ලබාගන්නා පුද්ගලයිනි හඳුනා ගැනීම සඳහා රජය විසින් වැඩසටහක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව සුබ සාධන වැඩසටහන්වල ප්‍රතිලාභීන්ගේ දත්ත ඇතුළත් තොරතුරු ජාලයක් සැකසීමට රජය පියවරගෙන ඇති අතර එහි කාර්යයන් මේ වන විට 80%කින් පමණ නිම කර ඇති බවද අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක වෙයි.
ජාතික හැඳුනුම්පත් අංකය පාදක කරගෙන මෙම තොරතුරු එක්රැස්කරන බවත්, ඒ හරහා රජයේ සුබ සාධන වැඩසටහන්හි ප්රතිලාභ ව්‍යාජව ලබාගන්නා පුද්ගලයින් පිළිබඳව තොරතුරු ලාබාගත හැකි වෙනු ඇති බවත් රජයේ විශ්වාසයයි.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිවේදනය
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ ව්‍යාපෘති හා කළමණාකරණ අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනයේ සහාය ඇතිව ඒකාබද්ධ සමාජ ආරක්ෂණ දත්ත පද්ධතියක් සැකසීමට පියවර ගෙන ඇත. මෙමගින් දැනට අමාත්‍යාංශ, පළාත් සභාන සහ පළාත් පාලන ආයතන මට්ටමින් ක්‍රියාත්මක වන රජයේ සමාජ සුභසාධන වැඩසටහන්වල ප්‍රතිලාභීන්ගේ තොරතුරු ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කෙරෙන ජාතික හැඳුනුම්පත් අංකය පාදක කර එක් රැස් කෙරෙමින් පවති. මේ වනවිට මෙම තොරතුරු ජාලයෙහි කාර්යයන් 80% පමණ නිම කර ඇති අතර පද්ධතියට දත්ත ඇතුළත් කිරීම සහ එම දත්ත ශෝධනය සිදුකෙරෙමින් පවතී.
මෙම වැඩසටහන තුළින් රජයේ සමාජ සුභසාධන වැඩසටහන් වල ව්‍යාජ ප්‍රතිලාභීන් ඇත්නම් ඔවුන් හඳුනාගැනීමට හැකි වනු ඇත. මෙයට සමාන ව්‍යාපෘතියක් වන ඉන්දියාවේ ආධාර් වැඩසටහන සිය සමාජ සුභසාධන වැඩසටහන් සඳහා අනන්‍ය අංකයක් යොදාගැනීම මගින් ව්‍යාජ ප්‍රතිලාභින් සැලකිය යුතු සංඛ්‍යාවක් හඳුනා ගැනීමට සමත් වී ඇත.