මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(05) පෙරවරුවේ මහවැලි අධිකාරියේදී පැවැත්විණි.
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල 2016 මුදල් වර්ෂයට අදළ ප්‍රගතිය එහිදී පරීක්ෂා කළ ජනාධිපතිවරයා 2016 වසර සඳහා අමාත්‍යාංශය වෙත ලබා දෙන ලද සියලු ප්‍රතිපාදන වර්ෂය අවසන්වීමට පෙර නිසි ව්‍යාපෘති සඳහා යොදවන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.