තමන් වහන්සේලාට පයින් ගසා මෙන් ප්රජාතන්ත්රවාදී රටකට අශෝභන කාරණයක් වූ මහජනයා ප්‍රතික්ෂේප කළ පිරිසකට ඇමතිකම් දුන්නේ යැයිද, අමාත්‍යාංශ බෙදාගැනීමට යාමේදී ශ්‍රී ලංකා - යූ.එන්.පී. ගැටුමක් ළඟදීම පැමිණෙන බවද සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමියෝ ප්‍රකාශ කළහ.
මේ ආකාරයට තනතුරුවලට පොරකන විට රටට ඉදිරි පැවැත්මක් නැති බව කී උන්වහන්යේ විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ ගැටුමක් හේතුවෙන් මෙවැනි තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත්, මීට පෙර පැවැති ආණ්ඩුව කාලයේ ආරම්භ කළ සමහර ව්‍යාපෘති පවත්වාගෙන යෑමට පවා වත්මන් ආණ්ඩුව අසමත් වී ඇති බවත් පෙන්වා දුන්හ.
සෝභිත හිමියන් මේ බව කියා සිටියේ මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා සහ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ (07දා) සවස නාග විහාරයට ගොස් සිදුකළ සාකච්ඡාවකදීය.
“මේ දෙගොල්ලො මොකටද එකතු වුණේ කියලා මහජනතාව දැනගත යුතුයි. අපි තවම දන්නෑ මේ අය එකතු වුණේ මොකටද කියලා. ලේකම්වරු දෙන්නා අත්සන් කළ ලියවිල්ලේ විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමේ යොජනා ඇතුළත් කරලා නෑ. මේ දොගොල්ලො ඇමතිකම් ටික බෙදාගන්න එකතු වුණා වගෙයි පේන්නේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඇමති ධුර ගන්න ආව පිරිසට අමතරව තව පිරිසක් විපක්ෂයේ ඉන්නවා. විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ ගැටුමක් දැන් නිර්මාණය වෙලා තියෙන්නේ. විධායකය අයින් කරන්න කියලා අපි කෑ ගැහුවෙ ඒකට. දැන් විධායකය ශ්‍රී ලංකා, ව්‍යවස්ථාදායකය යූ.එන්.පී. මේ දොගොල්ලො කොහොමද ගැටුමක් නැතිව ඉදිරියට යන්නේ.
තනතුරුවලට දාගන්න දෙගොල්ලො පොරකද්දී ඉදිරි ගමනක් නෑ. දින සීයේ අවසන් කාලයේදීත් මේ ගැටුම ඇති වෙලා තිබුණා. ආපහු මූට්ටු වුණාට කොච්චර දුර යාවිද කියන ප්රශ්නය තියෙනවා. 19 සංශෝධනය කරනවා කියලා බොරුවක්නේ කළේ. හැබැයි රනිල් මහත්තයා ඔළුව පහත් කරන් වැඩ කරන්න ගන්නවා වගේ පේනවා. ඇමතිකම් දීගෙන කොච්චර කල් මෙහෙම ඉන්නද?
රනිල් මහත්තයාට ලේසියෙන් අනිත් මන්ත්‍රී ධුර 06 ගන්න තිබුණා. ලේසියෙන් යූ.එන්.පී. ආණ්ඩුවක් හදන්න තියෙද්දි මෛත්‍රීපාල මහත්තයා තරහ කරගන්න බැරිකමට ඒ පැත්තට ඇමතිකම් දුන්නේ. විධායකය එයට බලපෑම් කළා. ඇමතිකම් වැඩි කරපු එක ගැන ජනතාව කලකිරීමෙන් ඉන්නවා. සජිත්ගෙන් සමෘද්ධිය අයින් කළා කියලා එතුමා හිතේ අමාරුවෙන් ඉන්නේ" යනුවෙන් උන්වහන්සේ පවසා සිටියහ.
වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ,
"ගෝඨාභය රාජපක්ෂ පේන්න වැඩ කොටසක් කළා. ඒ වැඩ දැන් ක්‍රම ක්‍රමයෙන් දුර්වල වෙලා යනවා. බෙල්ලන්විල ගත්තොත් ගස් හිටෙව්වා, මල් හිටෙව්වා. දැන් වතුර දාන්නැති නිසා ගස් මැරිලා යනවා. මිනිස්සු කියනවා ගොඨාභය මහත්තයා ඉන්න කාලෙ කොච්චර හොඳට තිබුණාද කියලා. දැන් ගොඩක් තැන්වල බල්බ් පිච්චිලා, කුණු ගොඩවල් ගැහිලා. පිටකොටුවෙ පේමන්ට් එකේ කඩ දාගෙන යනවා. ගෝඨාභය මහත්තයා කරපු දෙවල් පවත්වාගෙන යන්න මේ අයට බෑ කියලා ජනතාව කියනවා. ලස්සනට හදපු උයන් ටික මැරිලා යන්න දෙන්න එපා. පේමන්ට් එකේ තියන් තැඹිලි කපද්දි, මැරිලා තියෙන ගහක් දැක්කම ගෝඨාභය මහත්තයා මතක් වෙනවා. අඩුගාණෙ ඒ මට්ටමවත් පවත්වාගෙන යන්න ඕන* යනුවෙන්ද අවධාරණය කළහ.