නව මැතිවරණ ක්‍රමය යටතේ මන්ත්‍රී ධුර ප්‍රමාණය ඉහළ ගොස් ජනතාවට බර දැරීමට සිදුවුවද, ප්රජාතන්ත්රවාදය මිල අධික බව මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේය.
නව මැතිවරණ ක්‍රමයට සියලුම දේශපාලන පක්ෂ කැමැති බවත්, මේ හේතුවෙන් නව මැතිවරණ ක්‍රමය යටතේ කොට්ඨාස හා සමානුපාතික ක්‍රමය යටතේ මන්ත්‍රීවරුන් තේරීපත් විය යුතු බවත් අද (26දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
අමාත්‍යරවයා වැඩිදුරටත් සඳහන් කළේ, පළාත් පාලන ආයතන මැතිවරණය 60% හා 40% ක්‍රමයට පැවැත්වීමට කටයුතු කරනවා සේම පළාත් සභා සඳහාත් කොට්ඨාස හා සමානුපාතික ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදුවෙමින් තිබෙන බවයි.
පළාත් සභා එම ක්‍රමයට පැවැත්වීම සඳහා සීමා නිර්ණය කටයුතු සිදු කළ යුතු බවත්, අදාළ කටයුතු මාස හතරක් තුළ සිදුකිරීමට රජය තීන්දු කර තිබෙන බවත් ඔහු පවසා සිටියේය.