ප්රංශයේ ලියෝන් නගරය ආසන්නයේදී සැක කටයුතු ඉස්ලාමීය අන්තවාදී ප්රහාරයකින් පුද්ගලයෙකු ගෙල සිඳ ඝාතනය කර තිබේ.
එම නගරයේ ගෑස් කර්මාන්තශාලාවක මෙම ඝාතනය සිදුව ඇති අතර, එහිදී පිපිරීම් කිහිපයක්ම සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, මෙම ප්රහාරයට පැමිණි පුද්ගලයෙක් ප්රංශ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ප්රහාරයෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
විදෙස් වාර්තා පවසන පරිදි පුද්ගලයන් දෙදෙනෙකු ප්රහාරය සඳහා පැමිණ ඇති අතර, අරාබි අකුරු සහිත කළු කොඩි දෙකක් අතැතිව ඔවුන් කර්මාන්ත ශාලාව තුළට කඩා වැදි තිබේ.