ප්‍රංශයේ, කැලෙයිස් හි පිහිටි සුප්‍රසිද්ධ 'ජංගල්' සරණාගත කඳවුර ඉවත්කිරීම අරඹමින් පොලිස් නිලධාරීන් 1,200ක් ඉක්මවන බලඇණියක් ගෙන්වා ඇති බව විදෙස් වාර්තා පවසයි.
අතිශය අපිරිසුදු තත්ත්වයන් යටතේ 7,000කට අධික සරණාගතයන් පිරිසක් මෙම කඳවුරේ රැඳී සිටිති.
කෙසේ වෙතත්, මෙම කඳවුර ඉවත්කිරීමේ මෙහෙයුම සිදුවන අවස්ථාවේදී එහි රැඳී සිටින පිරිස් දැනට කිසිදු ප්රකෝපකාරී ක්‍රියාවකින් තොරව පෝලිම් ගැසී ඉන් ඉවත්වීමට සූදානමින් සිටින බවද විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව, මෙහි රැඳී සිටින සරණාගතයන් විශේෂ බස් රථ 60ක් මගින් ප්‍රංශය පුරා පිහිටි සරණාගත මධ්‍යස්ථාන වෙත යොමු කරනු ඇති බව ප්‍රංශ බලධාරීහු පවසති.
කෙසේ වෙතත්, ඇතැම් සංක්‍රමණිකයන් මෙම කඳවුරෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කරමින් පසුගිය සති අන්තයේදී ගැටුම් ඇතිකර ගෙන තිබුණේ ඔවුන් තවදුරටත් බ්‍රිතාන්‍ය වෙත ඇතුළු වීමේ සිහිනයෙන් පසුවීම නිසාය.
ඒ අනුව, මෙම සංක්‍රමණිකයන් සියල්ල ඉවත්කර ගැනීමෙන් අනතුරුව සුප්‍රසිද්ධ 'ජංගල්' කඳවුර අඟහරුවාදා දිනයේදී සම්පූර්ණයෙන්ම කඩා විනාශ කිරීමට නියමිත බවද විදෙස් වාර්තා පවසයි.
මේ අතර, එම කඳවුරේ සිටින කිසිදු හවුහරණක් නොමැති දරුවන් 1,300කට නවාතැන් ලබාදීමට මහා බ්‍රිතාන්‍ය එකඟ වී ඇති බවද විදෙස් වාර්තා පවසයි.