ප්‍රංශයේ බැස්ටයිල් දිනය හෙවත් ජාතික දින සැමරුමට එක්ව සිටි දහස් සංඛ්‍යාත ජනතාව අතරට කඩා වැදුණු ට්‍රක් රථ ත්‍රස්ත ප්‍රහාරයෙන් සිදුව ඇති ජීවිත හානි ප්‍රමාණය 84 කි.
දකුණුදිග ප්‍රංශයේ, නීස් නගරයේ වෙරළාසන්නව පැවති මෙම සැමරුම් උත්සවයේ ගිනිකෙළි සංදර්ශනය පැවැත්වෙන අවස්ථාවේදී මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා විය.
ප්‍රංශ ජනාධිපතිවරයා විසින් සැකයකින් තොරව ත්‍රස්ත ප්‍රහාරයක් යැයි අවධාරණය කළ මෙම ප්‍රහාරයේ මෙතෙක් සිදුවීම් මාලාව, විදෙස් මාධ්‍ය වාර්තා මෙසේ දක්වයි.
-
නීස් වෙරළ තීරයේ ඊයේ (14දා) එරට වේලාවෙන් රාත්‍රී 11.00 ට පමණ ගිනිකෙළි සංදර්ශනය පැවැත්වෙමින් තිබූ අවස්ථාවේදී සුදු වර්ණයෙන් යුතු විශාල ට්‍රක් රථයක් මාර්ගයේ සිටි ජනතාව යට කරමින් ධාවනය කර තිබුණි.
-
ටොන් 19 ක් බර මෙම ට්‍රක් රථය තුළ අක්‍රීය තත්ත්වයේ ග්‍රෙනේඩ් බෝම්බ කිහිපයක් මෙන්ම, ව්‍යාජ රයිෆල් තුවක්කු කිහිපයක්ද තිබී හමුව ඇත.
-
ප්‍රංශ ජනපති හොලන්දේ පවසා සිටියේ ප්‍රහාරයෙන් පුද්ගලයන් 84ක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
-
ප්‍රහාරයෙන් පුද්ගලයන් 50ක් තුවාල ලබා ඇති අතර, ඉන් 18 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව කියයි.
-
එමෙන්ම, අභ්‍යන්තර කටයුතු අමාත්‍ය බර්නාඩ් පවසා සිටියේ ගිණිකෙළි සංදර්ශනය අවසන් වනවාත් සමගම වෙරළ තීරයෙන් මාර්ගයට පැමිණි ජනතාව යට කරමින් සැතපුමක් පමණ දුර මෙම ට්‍රක් රථය ධාවනය කර ඇති බවයි.
-
පිරිසක් ප්‍රාණ ඇපයේ සිටින බවට කටකතා පැතිර ගියත්, එහි සත්‍යතාවක් නොමැති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශක පියරේ හෙන්රි පවසයි.
-
ජනාධිපති හොලන්දේ පවසා සිටියේ ප්‍රහාරකයා වෙඩි තබා මරා දැමූ බවයි.
-
ජනතාව යට කරගෙන ධාවනය කිරීමෙන් පසුව ට්‍රක් රථයෙන් පිටතට පැමිණි ප්‍රහාරකයාව වෙඩි තබා මරා දැමීමට පෙර ඔහු පිස්තෝලයකින් පොලීසිය වෙත වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇත.
-
ප්‍රහාරකයාගේ අනන්‍යතාව තවම පැහැදිලිව සඳහන් නොකළත්, 31 හැවිරිදි ප්‍රංශ - ටියුනීසියානු ජාතිකයෙකුගේ හැඳුනුම්පතක් ට්‍රක් රථයේ තිබී හමුවී ඇත.
-
සිද්ධිය ඇසින් දුටුවෙකු පවසා තිබුණේ, ලොරි රථයේ රියදුරා පොලීසිය වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කරන ආකාරය තමන් දුටු බවයි.
-
මීට අමතරව, ඩේලිමේල් පුවත්පත පවසා තිබුණේ, ඔහු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වීමට පෙර 'අල්ලාහු අක්බර්' යනුවෙන් කෑමොර දුන් බවයි.
-
ප්‍රහාරයෙන් මියගිය අයගේ සිරුරු, සුන්බුන් මාර්ගයේ සෑම තැනම විසිරී තිබුණි.
-
ප්‍රංශයේ හදිසි නීතිය තවත් මාස තුනකින් දීර්ඝ කෙරෙයි. ඊට අදාළ පනත ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
-
ප්‍රංශය පුරා ආරක්ෂාව තහවුරු කිරීමට අතිරේක ආරක්ෂක භටයන් යොදවන බවත්, දේශසීමා ආරක්ෂාව තර කරන බවත් ජනපති හොලන්දේ අවධාරණය කරයි.
-
මෙසේ තවත් අය යට කරගෙන යමින් ප්‍රහාර එල්ල කිරීම ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් විසින් අනුමත කළ ප්‍රහාරයක් බවද කියැවෙයි.
-
නීස් ත්‍රස්ත ප්‍රහාරය අතිශය ම්ලේච්ඡ හා බියගුළු ප්‍රහාරයක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
-
ඇමෙරිකානු ජනපති බරැක් ඔබාමා ප්‍රහාරය හෙළා දැක ඇති අතර, ත්රස්තවාදයේ ම්ලේච්ඡත්වය නිස් නගරය පුරා වපුරා ඇති බව පවසයි.
-
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද ප්‍රකශයක් නිකුත් කර ඇති අතර, මෙවැනි සිත්පිත් නැති ප්රචණ්ඩත්වය තරයේ හෙළා දකින බව අවාධාරණය කර කරයි.