පෘථිවි තලයෙන් ප්‍රංශය හෝ ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තය තරම් විශාල ප්‍රදේශයක් සම්පූර්ණයෙන් විනාශ කිරීමේ හැකියාවෙන් යුතු රුසියානු අන්තර් මහද්වීපික න්‍යෂ්ටික මිසයිලයේ ඡායාරූප නිකුත් කර තිබේ.
'ආර්.එස්. 28 සර්මාට්' (RS-28 Sarmat) හෙවත් 'සාතන් 2' (Satan 2) යන අන්වර්ත නාමයෙන් හැඳින්වෙන මෙම අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය පසුගිය මැයි මාසයේදී ප්‍රථම වරට ලෝකය හමුවේ අනාවරණය කෙරිණි.
Makeyev Rocket Design Burea නිල වෙබ් අඩවිය මගින් මෙම ඡායාරූප එළිදක්වා තිබූ අතර, රුසියානු ආරක්ෂක අමාත්‍ය යූරි බොර්සෝවි පවසා තිබුණේ, සාතන් මිසයිලය උතුරු හා දකුණු අර්ධගෝල හරහා ගමන් කරමින් දැවැන්ත විනාශයක් කිරීමට තරම් බල සම්පන්න අවියක් බවයි.
නිල දත්ත අනුව මෙම මිසයිලය කි.මී. 11,000ක දුරක් ගමන් කිරීමේ හැකියාවෙන් යුතු අතර, එහි පුපුරණ ද්‍රව්‍ය සහිත කොටසේ පමණක් බර ටොන් 100කි. රුසියාව විසින්ම මීට පෙර එළිදක්වා තිබූ ආර් 36එම් වෙයෙවෝඩා R-(36M Voyevoda) මිසයිලයේ අනුප්‍රාප්තිකයා ලෙස මෙම මිසයිලය ඔවුන් එළිදක්වා ඇත.