ප්රංශ සෝදිසි මෙහෙයුමේදී මියගිය ත්රස්තයන් අතර මහ මොළකරු වීද?
ප්රංශයේ පැරිස් නුවර ඊයේ සිදුකළ පොලිස් සෝදිසි මෙහෙයුමේදී මියගිය IS ඉස්ලාම් රාජ්ය ත්රස්ත සැකකරුවන් අතර, පසුගිය සිකුරාදා ප්රහාරයේ මහ මොළකරුවා සිටීද යන්න තහවුරු කරගැනීමට ප්රංශ විශේෂඥයෝ කටයුතු කරමින් සිටිති
පැරීසියට නුදුරු සෙන්ට් ඩෙනිස් හි මහල් නිවාස සංකීර්ණයක සිදුකළ සෝදිසි මෙහෙයුමේ ප්රමුඛ අරමුණ වී ඇත්තේ අබ්දෙල්හමීඩ් අබාවුඩ් නමැති 27 හැවිරිදි ත්රස්තවාදියා කොටුකර ගැනීම බවද ප්රංශ පොලීසිය කියයි.
කෙසේ වෙතත් මෙම සෝදිසි මෙහෙයුමේදී අත්අඩංගුවට පත්වූ ත්රස්ත සැකකරුවන් 08 දෙනා අතර, මහ මොළකරුවා හෝ සලාහ් අබ්දේසාල්ම් නමැති ත්රස්තයා නොමැති බව ප්රංශ නීතිපතිවරයා අවධාරණය කරයි.
මේ අතර, ප්රංශය තුළ හදිසි තත්ත්වය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් එරට පාර්ලිමේන්තු ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බවද වාර්තා වෙයි.
කෙසේ වෙතත්, නම සඳහන් නොකළ යුරෝපා ආරක්ෂක අංශ නිලධාරියෙකු උපුටා දක්වමින් වොෂිංටන් පෝස්ට් පුවත්පත හෙළි කර තිබුණේ බදාදා සෝදිසි මෙහෙයුමේදී අබ්දෙල්හමීඩ් ජීවිතක්ෂයට පත්වූ බවයි.
.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

