ප්රංශ නාවුක හමුදාවට අයත් චාල්සි ඩි ගවුල් ගුවන් යානා හාරක නෞකාවේ සිට ප්රථම වරට IS ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් වෙත ගුවන් ප්රහාර අරඹා තිබේ.
මෙම නවතම යුද නෞකාවේ ප්රහාරක ගුවන් යානා 26ක් පවතින අතර, එය ප්රංශය විසින් ඉස්ලාම් රාජ්ය වෙත දැනට එල්ල කරමින් සිටින ප්රහාර තුන් ගුණයකින් වැඩි කිරීමක් බවද කියැවෙයි.
පසුගියදා පැරීසියට එල්ල වූ දරුණු ත්රස්ත ප්රහාරයෙන් පසුව ඉරාකයේ හා සිරියාවේ සිටින ඉස්ලාම් රාජ්ය ත්රස්තවාදයට එරෙහි ප්රහාර දැඩි කිරීමේ පොරොන්දුව ජනපති හොලන්දේ විසින් ලබාදෙන ලදී.
ඒ අනුව, ප්රංශ ප්රහාරක ගුවන් යානා මේ වනවිට සිරියාවේ ත්රස්ත ඉලක්ක වෙත දැඩි ප්රහාර මාලාවක් අරඹා ඇති බවද විදෙස් වාර්තා පවසයි.
මීට අමතරව, ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ සන්ධානයේ ගුවන් ප්රහාර හා රුසියාවේ ප්රබල ගුවන් ප්රහාර මාලාවක්ද ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් වෙත එල්ල වෙමින් පවතී.