ප්‍රංශ-බෙල්ජියම් ප්රහාරයක IS සැලසුමක් හෙළිවෙයි
ප්‍රංශය හා බෙල්ජියම තුළ ප්‍රහාර මාලාවක් දියත් කිරීමට IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් කුඩා කණ්ඩායම් ලෙස සිරියාවේ සිට පැමිණ ඇති බවට බුද්ධි තොරතුරු අනාවරණයක් සිදුව තිබේ.
බෙල්ජියමේ බුද්ධි අංශය දැනටමත් මේ සම්බන්ධ තොරතුරු එරට පොලීසිය හා ප්‍රති-ත්‍රස්ත ආරක්ෂක අංශ වෙත ලබාදෙමින් ඔවුන් සීරුවෙන් තබා ඇති බවත්, ප්‍රංශය වෙතද මෙම බුද්ධි තොරතුරු ලබාදී ඇති බවත් කියයි.
එම බුද්ධි තොරතුරුවලින් වැඩිදුරටත් අනාවරණය වී තිබෙන්නේ දැනට දින 10කට පෙර එම ත්‍රස්ත කණ්ඩායම් සිරියාවෙන් පිටත්ව ඇති බවයි.
එමෙන්ම, මෙසේ පැමිණෙන සියලුදෙනා නිත්‍යනුකූල ගමන් බලපත්‍රයකින් තොරව පැමිණෙනු ඇති බවත්, ඔවුන් සංක්‍රමණිකයන් සමග බෝට්ටු මගින් තුර්කිය හා ග්‍රීසිය හරහා පැමිණෙනු ඇති බවත් ආනාවරණය වී තිබේ.
එහිදී, බ්‍රසල්ස් සාප්පු සංකීර්ණයක්, ඇමෙරිකානු අවන්හල් ජාලයක් මෙන්ම පොලීසිය වෙතද ප්‍රහාර එල්ල කෙරෙනු ඇති බව එම බුද්ධි තොරතුරු මගින් වැඩිදුරටත් අනාවරණය වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

