මිහින්තල පූජා භූමියෙහි සංචාරයට කිරීමට පැමිණි විදේශීය සංචාරයෙකු ඊයේ (13දා) හදිසියේ රෝගාතුරවීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබේ. ෆ්රියුඩ් ක්‍රිස්ටියන් නැමැති (59) හැවිරිදි ප්‍රංශ ජාතිකයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
මොහු තවත් පිරිසක් සමග මිහින්තලා රජමහා විහාරස්ථාන පූජා භූමිය නැරඹීමෙන් අනතුරුව පඩිපෙළ බසිමින් සිටියදී හදිසියේ රෝගාතුර වීමෙන් මිහින්තලය රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව එහි වෛද්‍යවරුන් පවසා තිබේ.
ඔහු හදිසි හෘදාබාධයකින් මියයන්ට ඇති බවට සැකකරන බව මිහින්තලය පොලීසිය සැක පළ කරයි.\