බුදුන් වහන්සේගේ රුවට අගෞරව වන පරිදි 'ප්ලේ බෝයි' සඟරාවේ අඩනිරුවතින් නිරූපිකාවක පෙනී සිටීම සම්බන්ධව මෙරට රජය රාජ්යතාන්ත්රිකව විරෝධය දැක්වීමක් සිදුකළ යුතු බව මෙරට බෞද්ධ සංවිධාන පෙන්වා දෙයි.
නාසියා ජැන්සන් නම් නිරූපිකාව බුදු රුවක් මත විවිධ ඉරියව්වලින් පෙනීසිටින ඡායාරූප සමගින් පසුගිය අගෝස්තු පළමුවැනිදා නිකුත් වූ 'ප්ලේබෝයි' සඟරාවේ පළව තිබුණු අතර, ඒ පිළිබඳව මෙරට මෙන්ම ලෝකවාසී බෞද්ධ ජනතාවගේද විරෝධය පළවී තිබේ.