ප්ලාස්ටික් ජල බෝතල් මුහුදට ගෙනයාම වහාම තහනම් කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශ්‍ය තීරණය කර තිබේ. ඒ අනුව ධීවරයන් මුහුදු යන විට ජලය ගෙනයාමට භාවිත කරන කුඩා සහ මධ්‍ය ප්‍රමාණයේ සියලුම ප්ලාස්ටික් ජල බෝතල් මුහුදට ගෙනයාම තහනම් වෙයි.
මසුන් ඇල්ලීම සඳහා දිනපතා ධීවර යාත්‍රා 50,000කට අධික ප්‍රමාණයක් මුහුදට යන අතර, ඔවුන් විසින් ජලය ගෙනයාමට යොදාගන්නා ප්ලාස්ටික් බෝතල් ඇතුළු ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් 05ක පමණ ප්‍රමාණයක් දිනපතා මුහුදට බැහැර කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට වාර්තා වී තිබේ.
අද (24දා) පෙරවරුවේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ පැවති ප්‍ර සමාලෝචන රැස්වීමේදී මේ බව හෙළිවිය.
ධීවරයන් විසින් ජලය ගෙනයාමට ස්ථීර ජල භාජනයක් භාවිත කළ යුතු බවත් ධීවර වරායන්වලින් බෝට්ටු පිටව යාමේදී ඒවා දැඩි පරීක්ෂාවට ලක්කරන බවත් අමාත්‍යංශය දැනුම් දෙයි.