දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
එසේම බස්නාහිර වෙරළබඩ ප්‍රදේශයේ උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
එසේම අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි සෙසු ප්රදේශවලද ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.