මුදල් අමාත්‍යාංශය යටතේ මහා භාණ්ඩාගාරයෙන් පළාත් සභාවලට මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (10දා) එකඟ වූ බව උතුරු මැද ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා %අද^ට පැවසීය.
පළාත් සභාවලට මුදල් වෙන් කිරීමට අදාළව මෙවර අයවැය යෝජනාවලියෙන් ගැටලු සහගත කරුණු ඉදිරිපත් කර තිබෙන බැවින්, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග පළාත් මහ ඇමතිවරුන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වූ සාකච්ඡාවකදී මෙම තීරණය දැනුම්දුන් බවද ජයරත්න මහතා සඳහන් කළේය.
“අපි ඉදිරිපත් කළ කරුණු සියල්ල ජනාධිපතිවරයා අනුමත කළා. මුදල් අමාත්‍යාංශය යටතේ මහා භාණ්ඩාගාරයෙන් පළාත් සභාවලට මුදල් විසර්ජනය කරන්න කියා ජනාධිපතිවරයා නිලධාරීන්ට මෙහිදී නියෝගයක් දුන්නා. බලය විමධ්‍යගත කළ ආයතනයක් වන පළාත් සභා නියාමනය කරන්න වෙනත් අමාත්‍යාංශයකට බැහැ. ජනාධිපතිවරයා එය පිළිගත්තා. ඒ වගේම 2017 වසරට මුදල් විසර්ජනය කිරීමේදී මීට වඩා පුළුල් සාකච්ඡාවක් සිදුකරන බවත් ඔහු කිව්වා. පළාත් මැති ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් සියලු දෙනා සමග සාකච්ඡා කර ඔවුන්ගේ අදහස් සැලකිල්ලට ගෙන සංවර්ධන කටයුතුවලට මුදල් ලබාදෙන බව ජනාධිපතිවරයා සඳහන් කළා. මුදල් අමාත්‍යාංශය යටතේ වැය ශීර්ෂයෙන් පළාත් සභාවලට මුදල් ලබාදෙන එක මේ වසරේ සිට ක්‍රියාත්මකයි* යනුවෙන් ඒ මහතා පවසා සිටියේය.
මෙම සාකච්ඡාව සඳහා බස්නාහිර ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ්, වයඹ ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක යන මහත්වරුද එක්ව සිටියහ.
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් සහ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගි නොවූහ.