කැබිනට් මණ්ඩලය හරහා පළාත් සභාවල බලය උදුරාගැනීමට මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාශය කටයුතු කරමින් සිටින බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා අද (16දා) පැවසීය. මහා නගර හා බස්නාහිර සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා වන්නේ ආමාත්‍ය පාඨලී චම්පික රණවක මහතායි.
පළාත් පාලන ආයතනවලට අයත් ඉඩම් නාගරික සංවර්ධන අධිකාරියට පවරාගැනීම සඳහා පිඹුරුපත් සැකසෙමින් තිබෙන බවත්,එයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමේ උත්සහයක් පවතින බවත් මහඇමතිවරයා සඳහන් කළේය.
මේ සම්බන්ධව කිසිදු ප්‍රධාන ඇමතිවරයෙකු දැනුම්වත් කර නැතැයිද ඒ මහතා පවසා සිටියේය.
බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ විය.