පළාත් සභා වෙත පැවරී ඇති කටයුතු වෙනත් ආයතන වලට පාලනය කිරීමට ඉඩ නොතැබීමට වගබලා ගන්නා ලෙසත් පළාත් සභා වලට වෙන්කර ඇති මුදල් ප්රතිපාදන ඵලදායී ලෙස වැයකළ යුතු බවත් ජනපති මෛත්රීපාල සිරිසේන මහතා පැවැසීය.
නිල කාලය අවසන් වූ පළාත් සභාවල ඉදිරි කටයුතු විමසා බැලෙන සාකච්ඡාවක අද (16දා) ජනපති කාර්යාලයේදී පැවැති අතර එහිදී ජනපතිවරයා මෙම උපදෙස් ලබාදුන්නේය.
නිල කාලය අවසන් වුව ද පළාත් සභා මගින් කෙරෙන මහජන සේවාවන් සහ දෛනික කටයුතු බාධාවකින් තොරව අඛණ්ඩව සිදුකරන ලෙසත් ජනපතිවරයා මෙහිදී පළාත් ප්රධාන ලේකම්වරුන්ට උපදෙස් දී ඇත.