බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම මාර්තු මස මැද පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි.
පළාත් සභා මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම පැවැත්වෙන දින වකවානු පිළිබඳව මැතිවරණ මහලේකම් කාර්යාලය මෙතෙක් නිල නිවේදනයක් සිදුකර නොමැත.
කෙසේ වෙතත්, තැපැල් ඡන්ද අයදුම්පත් බාරගැනීම පෙබරවාරි 10 වැනිදා අවසන් වීමට නියමිතය. එසේ අයදුම්පත් බාරගැනීමෙන් පසුව, ඊට අදාළ නාම ලේඛන සකස් කෙරෙන අතර, ඒවා සහතික කිරීමෙන් පසු තැපැල් ඡන්දය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම සාමාන්‍යයෙන් සිදුවෙයි.