මේ වසරේදී පළාත් සභා තුනක මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිත බැවින් ඊට සූදානම් වන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්ට ඊයේ (27දා) දැනුම් දී තිබේ.
මෙම මැතිවරණ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත්ව මුහුණදිය යුතු බැවින් ඉදිරි මාසය ඇතුළතදී දුර්වල ආසන සංවිධායකයන් සියලු දෙනා ඉවත් කර අලුත් අය ඒ සඳහා පත් කරන බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිත තරුණ සමුළුව සහ මැයි රැලිය සාර්ථක කරගැනීම සඳහා සහාය ලබාදෙන ලෙසද ජනාධිපතිවරයා ඉල්ලා තිබුණේ පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් සමග කොළඹදී ඊයේ රාත්‍රියේ පැවැති සාකච්ඡාවකදීය.
මේ පිළිබඳ සිදුකළ විමසීකදී අදහස් දැක්වූ උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා,
''ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් සභා මහඇමතිවරු සියලුදෙනා සහ පළාත් ඇමතිවරුන් සාකච්ඡාවට කැඳවා තිබුණා.අප්‍රේල් දෙවැනිදා පැවැත්වෙන තරුණ සම්මේලනය,මැයි පළමුවැනිදා කම්කරු සැමරුම පක්ෂයක් හැටියට සාර්ථකව සිදුකර ගැනීම සම්බන්ධව සාකච්ඡාකළා. ගාල්ලේ කළා වගේ වැඩ කරන්නැති සංවිධායකයන් ඉවත් කර, කඩිනමින් ඒ සඳහා වෙනත් අය පත්කිරීමට අවශ්‍ය බවට තීන්දුවකට එළඹුණා.ඒ සඳහා එකඟතා පළ වුණා.පළාත් ඇමතිවරු ඒ සම්බන්ධව තමන්ගේ අදහස් ප්‍රකාශ කළා.
බහුතරයක් ආපු අය ජනාධිපතිතුමාට ප්‍රසාදය පළ කරලා කතා කළා.ඔහුගේ වැඩපිළිවෙළ අගය කළා.වැඩ කරන්නැති අය ඉන්නවානම් මාසයක් ඇතුළත නව සංවිධායකයන් පත්කිරීම පක්ෂය විසින් සිදුකරාවි. එක එක්කෙනාගේ රැස්වීම් සහඑක්එක්කෙනාගේ අඩුපාඩු කතාකරන්න අවශ්‍ය නැහැ, පක්ෂයක් හැටියට ශක්තිමත්ව ඉදිරියට ගමන් කරමු කියා මහඇමතිවරු ප්‍රකාශ කළා.
මේවනවිට ජනාධිපතිතුමා ගම්මට්ටමින් බොහොම ශක්තිමත් වෙලා තිබෙන බවත්,ජනාධිපතිතුමා ගැන ලොකු ප්‍රසාදයක් තිබෙන බවත්, මහ ඇමතිවරු ප්‍රකාශ කළා.ජනාධිපතිතුමා පක්ෂය බාරගත්ත දිනට වඩා දැන් ශක්තිමත් වෙලා තිබෙන නිසා ඉදිරියේදී ලොකු ජයග්‍රහණයකට යන්න පුළුවන් බවත් මහඇමතිවරුන්ගේ අදහස වුණා. පළාත් සභා තුනක ඡන්දය සහ පළාත් පාලන ඡන්දයත් අනිවාර්යයෙන්ම මේ අවුරුද්දේ පැවැත්වෙන බව කියවුණා.ඒ සඳහා පක්ෂය සූදානම් කරන්න කියා ජනාධිපතිතුමා කිව්වා'' යනුවෙන් පවසා සිටියේය.
රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාද මෙම සාකච්ඡාවට එක්ව තිබිණි.