පළාත් පාලන ආයතන විසුරුවා හැරීමට එරෙහිව නාරාහේන්පිට ශාලිකා ශාලාවේදී අද (12දා) සවස පැවැති පළාත් පාලන නියෝජිත හමුවේදී හිටපු ජනාධිපතිනී චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නම කියැවෙන වාරයක් පාසා හූ හඬ නැංවීමට එයට සහභාගි වූ නගරාධිපතිවරු, ප්රාදේශීය සභා සභාපතිවරු හා එම ආයතනවල මන්ත්රීවරු කටයුතු කළහ.
එසේම මෙහිදී යෝජනා 07 ක් සම්මත කරගත් අතර, ඒවා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට ලබාදිය යුතු බවට යෝජනාවල සඳහන් වුවද ඒ සඳහාද මන්ත්රීවරුන්ගේ විරෝධය පළ විය. පසුව තීරණය කළේ රනිල් වික්රමසිංහ මහතාගේ නම නොකියවීමටත්, ඔහුට එම යෝජනා භාර නොදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට පමණක් එම යෝජනා බාරදීමටත්ය.
මෙම අවස්ථාව සඳහා පළාත් පාලන නියෝජිතයන් 1000 කට වඩා සහභාගි වී සිටි බව මොරටුව මහ නගර සභාවේ නගරාධිපති සමන් ලාල් ප්රනාන්දු මහතා පැවසීය.