නව පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීමේ ගැසට් නිවේදනයට අනුව ප්‍රාදේශීය සභා මහනගර සභා නගර සභා සඳහා සභිකයන් 8356ක් පත්වීමට නියමිතය.
මීට අමතරව සමස්ත පලාත් පාලන ආයතන ගනණ 341ක් දක්වා වැඩිවී ඇති අතර ප්‍රා‘දේශීය සභා 276ක්, මහනගර සභා 24ක්, නගර සභා 41ක් වශයෙන් එම වැඩිවීම සිදුව ඇත.
මෙතෙක් පැවති ක්‍රමයට අනුව සභික සංඛ්‍යාව 4486ක්ව අතර පළාත් පාලන ආයතන ප්‍රමාණය 336කි. සංස්ථාපනය කිරීමේ ගැසට් පත්‍රයට විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අද (01දා) අත්සන් තැබූ අතර එය අද මධ්‍යම රාත්‍රි‘යේදී රජයේ මුද්‍රණාලයට යැවීමට සැලසුම් කර තිබේ.