ආණ්ඩුව පළාත් පාලන ආයතන මැතිවරණය කල් දැමීම සඳහා ගත් සියලුම උත්සාහයන් තම පක්පෂය මැදිහත්වී පරාජයට පත්කළ බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
මෙම උත්සාහය පරාජයට පත් කිරීමට යාම නිසා රාජපක්ෂ කල්ලිය තම පක්ෂයේ නම වෙනත් පක්ෂයක නමකට ඈඳාදීමට උත්සාහ කළ බවත් එහෙත් අද දවස වනවිට රාජපක්ෂ කල්ලියේ ශබ්දය කෙඳිරිල්ලක් බවට පත්ව තිබෙන බවද එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
පළාත් පාලන ආයතනය පැවැත්වීමට අදාළ සීමා නිර්ණය කටයුතු මැතිවරණ ක්‍රමය පිළිබඳ කටයුතු සහ සභික සංඛ්‍යාව පිළිබඳ පාර්ලිමේන්තුවෙන් ඉටුවිය යුතු සියලුම යුතුකම් ඉටුකර තිබෙන බවත්, ඒ සඳහා තම පක්ෂය විශේෂ මැදිමහත්වීම සිදුකළ බවද පක්ෂ නායකවරයා අද (10දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පවසා සිටියේය.
මේ වනවිට සිදුකිරීමට තිබෙන්නේ සභික සංඛ්‍යාව පිළිබඳ ගැසට් නිවේදනය විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් ප්‍රකාශයට පත් කිරීම බවත්, එය කඩිනමින් සිදුවන බවද හෙතෙම ප්‍රකාශ කළේය.