පළාත් පාලන ආයතන මැතිවරණය කල්දමා ගැනීම සඳහා ආණ්ඩුවේ කණ්ඩායම සේම රාජපක්ෂ කල්ලියේ කණ්ඩායමකුත් දැඩි උත්සාහයක් ගනිමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
සීමා නිර්ණයේ හා නීතියේ ගැටලු ඇති බව පවසමින් ආණ්ඩුවේ පාර්ශ්ව ඡන්දය කල්දමා ගැනීමට උත්සාහ කළ බවත්, එහෙත් සීමා නිර්ණයේ හා නීතියේ ගැටලු විසඳී තිබෙන බවද එම පක්ෂයේ නායක අනුර කුමාර මහතා සඳහන් කළේය.
ඒසේ තිබියදී සංස්ථාපනය කිරීමේ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කිරීම ප්‍රමාද කරමින් ඡන්දය කල්දමා ගැනීමේ උත්සාහයක ආණ්ඩුවේ කණ්ඩායම නිරත වී සිටින බවද හෙතෙම පවසා සිටියේය.
මීට අමතරව පෙරේදා (25දා) සම්මත වූ පළාත් පාලන ඡන්ද විමසීමේ සංශෝධන පනතේ ගැටලු ඇති බව පවසමින් මැතිවරණය කල්දමා ගැනීමේ තැනට පත්කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමක් උත්සාහ ගනිමින් සිටින බවද අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
කුමන තර්ක ඉදිරිපත් කළද මේ වසර තුළදී පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පරිසරය ආණ්ඩුව සකස් කළ යුතු බවද අද (27දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු පවසා සිටියේය.