පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ගණන් කිරීම ඡන්ද පොළ තුළදීම සිදුකළ යුතු නිසා ඡන්දය පැවැත්වීමේ කාලය උදෑසන 7.00 සිට සවස 03.00 දක්වා සීමා කරන්නැයි පාර්ලිමේන්තුවට යෝජනා කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
සංශෝධිත නව පළාත් පාලන මැතිවරණ පනතට හැර අනෙකුත් මැතිවරණ පනත්වල ඡන්දය පැවැත්වීමේ කාලය වෙනස් කිරීමට කොමිසමට බලතල පැවරී තිබෙන බවද එම කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
එහෙත් නව පනත තුළ වේලාව වෙනස් කිරීමට බලතල නොමැති බවත්, මේ නිසා උදෑසන 7.00 ට ඡන්ද විමසීම ආරම්භ කර සවස 3.00 ට අවසන් කිරීමට අදාළ යෝජනාව ඉදිරිපත් කරන බවත් ඔහු පවසා සිටියේය.
ඡන්ද විමසීම සවස 3.00 ට අවසන් කර සවස 4.00 පමණ වනවිට ඡන්දය ගණන් කිරීම ආරම්භ කළ හැකි බවත්, ඒ අනුව සවස 6.00 - 7.00 අතර කාලය වනවිට ඡන්දය ගණන් කර අවසන් කළ හැකි බවත් සභාපතිවරයා සඳහන් කළේය.
ඡන්ද පොළ තුළම ගණන් කිරීම් සිදුකරන නිසා සවස 4.00 ට ඡන්ද විමසීම් අවසන් කර ගණන් කිරීම් ආරම්භ කළහොත් විදුලි ආලෝකය පිළිබඳ ප්‍රශ්න පැමිණෙන බවත්, මීට අමතරව ඡන්ද පොළේ සිට කච්චේරියට පැමිණීමට පැය 02 – 03 ක කාලයක් ගතවන බවත් ඒ මහතා පවසා සිටියේය.
මේ තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම යෝජනාව ඉදිරිපත් කරන බවද සභාපතිවරයා කියා සිටියේය.
සාමාන්‍ය ක්‍රම‘වේදයට අනුව ඡන්දය පැවැත්වෙන්නේ උදෑසන 7.00 සිට සවස 4.00 දක්වා කාලය තුළදීය.