ඉදිරි පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමේදී අනිවාර්යයෙන්ම 25% ක් කාන්තාවන් ඉදිරිපත් කළ යුතු බවට ඊයේ (11දා) පැවැත්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
අග්රමාත්ය රනිල් වික්රමසිංහ මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙන අතර, මේ අනුව අපේක්ෂක ප්රතිශතයෙන් 25% ක් කාන්තාවන් විය යුතු බවට කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන ඇත.
මීට අමතරව ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණය කොට්ටාස ක්රමය යටතේ පැවැත්විය යුතු බවත්, එහිදී 70% ක් කොට්ටාස ක්රමය යටතේත්, 30% ක් සමානුපාතික ක්රමය යටතේත් තෝරා පත්කර ගත යුතු බවටත් යෝජනා කර තිබේ.
දැනට සැලසුම් කර තිබෙන ආකාරයට ලබන මාර්තු මාසයේදී පළාත් පාලන ඡන්දය පැවැත්විය යුතු බවට එහිදී යෝජනා වී ඇතැයිද වාර්තා වේ.