පළාත් පාලන ආයතන බලතල, නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට එරෙහිව කඩුවෙල හිටපු නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා විසින් ගොනුකරන ලද පෙත්සම අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කර තිබේ. එම පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කරමින් අභියාචනාධිකරණය පවසා ඇත්තේ පවරාගත් සියලු බලත නීත්‍යනුකූල බවයි.
2017 ජනවාරි 23 වැනිදා අංක DDG(P)/01/11 චක්‍රලේඛය මගින් 2017 පෙබරවාරි 01 වැනිදා සිට පළාත් පාලන ආයතන වෙත පවරා තිබූ නාගරික සංවර්ධන අධිකාරියේ බලතල නැවත පවරා ගැනීමට තීරණය කර තිබේ.
මෙම පළාත් පාලන බලතල පවරා ගැනීම අභියෝගයට ලක්කරමින් එම බලතල නැවත පළාත් පාලන ආයතන වෙත පවරා දෙන ලෙස ඉල්ලමින් කඩුවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා විසින් අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනුකර ඇත. නාගරික සංවර්ධන අධිකාරිය, බස්නාහිර පළාත් සභාව, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබිණි.
පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණය නාගරික සංවර්ධන අධිකාරිය පළාත් පාලන ආයතන වෙතින් පවරාගත් බලතල නීත්‍යනුකූල බැවින් වගඋත්තරකරුවන් වෙත නොතීසි පවා නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරමින් අදාළ නඩුව මුල් අදියරේම නිෂ්ප්‍රභ කර ඇත.