පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනත් කෙටුම්පත සම්මත කර ගැනීම කල් දැමීමට ආණ්ඩුව උත්සාහක නිරත වන බවට තමන්ට හැඟෙන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමර දිසානායක මහතා අද (24දා) පාර්ලිමේන්තුවේදී පවසා සිටියේය.
ඒ නිසා මේ සඳහා වූ විවාදය අද පවත්වා මෙයට අදාළ ඡන්ද විමසීම හෙට දිනයේ පැවැත්වීමට කටයුතු කරන ලෙස තමා යෝජනා කරන බවද ඒ මහතා සඳහන් කර සිටියේය.
මෙම පනත් කෙටුම්පත සම්මත වීම ප්‍රමාද කිරීමට ආණ්ඩුවට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව මේ අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් අදහස් දක්වමින් පැවසූහ.