පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනත් කෙටුම්පතේ සිංහල පිටපතේ පවතින දෝෂ කිහිපයක් නිරාකරණය කිරීමට හෙට (06දා) පාර්ලිමේන්තුවට සංශෝධනයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.
ඡන්ද විමසීම සම්බන්ධයෙන් නිකුත් වී ඇති ඉංග්රීසි, දෙමළ පනත් කෙටුම්පත් දෙකේ සඳහන් කරුණු කිහිපයක් සිංහල භාෂාවෙන් සඳහන් පිටපතට ඇතුළත් නොවීම නිසා යම් ගැටලුවක් ඇති වී ඇත. මෙම ගැටලු විසඳීම සඳහා මෙම සංශෝධනය ඉදිරිපත් කිරීමට නියමිතය.