මේ මස 31 දින අවසන් වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන 234 ක නිල කාලය මැයි මස 15 වැනිදා අවසන් වන ලෙස දීර්ඝ කැර ඇති බව ආණ්ඩුව පවසයි.මේ ආයතන 234ට මහ නගර සභා 3 ක් ද, නගර සභා 30ක් ද ප්‍රාදේශීය සභා 201ක් ද ඇතුළත් වෙයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන ඇමැති කරු ජයසූරිය මහතා වෙත ලබා දුන් උපදෙස් මත රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ. දඩල්ලගේ මහතා අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.