අලුතෙන් සම්මත කරන ලද මැතිවරණ ක්‍රමය අනුව පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් පත්කිරීම, අදාළ පළාත් පාලන ආයතනලට තේරී පත්වන මහජන නියෝජිතයන්ගේ ඡන්දයෙන් සිදුකිරීමට නියමිතය.
ඒ අනුව යම් තනි පක්ෂයක් විසින් පළාත් පාලන ආයතනය ජයග්‍රහණය කරනු ලැබුවද, පක්ෂ කිහිපයක හෝ ස්වාධීන කණ්ඩායම්වල සහායෙන් වෙනත් පක්ෂයකට පළාත් පාලන ආයතනයේ බලය හිමිකර ගැනීමේ අවස්ථාව මෙමගින් හිමිවනු ඇතැයි වාර්තා වේ.
යම් තනි පක්ෂයක් අදාළ පළාත් පාලන ආයතනයේ මන්ත්‍රී සංඛ්‍යාවෙන් බහුතරය දිනා ගත්තද, ඊළඟට වැඩිම මන්ත්‍රී සංඛ්‍යාව දිනා ගන්නා පක්ෂ දෙකට ලැබෙන මන්ත්‍රී සංඛ්‍යාව තනි පක්ෂයක් විසින් දිනාගන්නා ලද මන්ත්‍රී සංඛ්‍යාවට වඩා වැඩි වන්නේ නම්, එම පක්ෂ දෙකට එක් වී සභාවෙන් බලය හිමිකර ගැනීමේ හැකියාව නව සංශෝධන මගින් ලැබී ඇතැයි අනාවරණය වෙයි.
පෙර පැවැති මැතිවරණ ක්‍රමය අනුව, අදාළ පළාත් පාලන ආයතනයේ වැඩිම මන්ත්‍රී සංඛ්‍යාව දිනාගන්නා තනි පක්ෂයට හෝ ස්වාධින කණ්ඩායමකට පළාත් පාලන ආයතනයේ බලය හිමිවිය.
එය වෙනස් වී නව ක්‍රමය හඳුන්වා දීම නිසා ඉදිරියේදී පළාත් පාලන ආයතනවලදී බලය සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
අජන්ත කුමාර අගලකඩ / දයාසීලි ලියනගේ
අජන්ත කුමාර අගලකඩ / දයාසීලි ලියනගේ