පළාත් පාලන ආයතනවල වංචා, දූෂණ සෙවීමේ සම්බන්ධීකරණ ඒකකය පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේදී අද (05දා) පිහිටුවන ලදී.
යම් පළාත් පාලන ආයතනයක දූෂණ, වංචා සිදුවේ යැයි තොරතුරු දන්නේ නම් 0112328428 යන දුරකථන අංකය ඇමතීමෙන් හෝ 0112328282 යන ෆැක්ස් අංකයෙන් ඒ තොරතුරු ලබාදිය හැකිය.ඊට අමතරව අන්තර්ජාලය හා කෙටි පණිවුඩ ඔස්සේද පැමිණිලි ඉදිරිපත් කිරීමේ අවස්ථාව ඇතැයි විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පැවසීය.