පළාත් පාලන ආයතනවලට තේරී පත් වූ සභිකයන්ගේ ධුර කාලය මාර්තු 06 වැනිදාසිට ආරම්භ වන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි.
යම් දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට අදාළ පළාත් පාලන ආයතනයේ සමස්ත කොට්ඨාස ප්‍රමාණයෙන් 50෴ක වැඩි ප්‍රමාණයක් හිමිව තිබෙනවා නම් එම පක්ෂයට හෝ කණ්ඩායමට නගරාධිපති, සභාපති ඇතුළු තනතුරු පත් කිරීමට අවස්ථාව හිමිවන බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.
එහෙත් 50% ප්‍රතිශතය නොමැති අවස්ථාවක සභාපති, නගරාධිපති ඇතුළු තනතුරු සඳහා පුද්ගලයන් පත් කරගත යුත්තේ පළාත් පාලන ආයතනයේ සභිකයන්ගේ ඡන්දයෙන් බවද එම අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.
පළාත් පාලන ආයතනයේ මංගල රැස්වීමේදී මෙම කටයුත්ත සිදුකළ යුතු බවත්, එම රැස්වීමේ මුලසුන පළාතේ පළාත් කොමසාරිස්වරයා විසින් දැරිය යුතු බවත් එමගින් කියා තිබේ.
මෙහිදී පවත්වන්නේ රහස් ඡන්දයක්ද, නැතහොත් විවෘත ඡන්දයක්ද යන්න තීරණය කිරීම සභිකයන් සතුවන බවද පළාත් සභා හා පළාත් පාලන අමත්‍යාංශය සඳහන් කරයි.