බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ උතුරු පළාත්වල මෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සිහින් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. අද (28දා) පෙ.ව. 5.30ට නිකුත් කළ නිවේදනයේ දැක්වූයේ නැගෙනහිර පළාතේ ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
එසේම දිවයින හරහා සහ මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකළපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල විටින් විට හමන තද සුළං තවදුරටත් බලාපොරොත්තු වෙන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.