දිවයිනේ උතුරු සහ නැගෙනහිර කොටස්වල දැනට පවත්නා වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙන බවත්, උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල සමහර ස්ථානවලට මිලී මීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයකින් කියයි.
දිවයිනේ සහ දිවයින අවට මුහුදේ සුළගේ වේගය පැ කි මි 70 දක්වා වැඩිවීමේ වැඩි හැකියාවක් පවතින බවත් දිවයිනට ගිනිකොණ සහ නැගෙනහිර දෙසින් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.