දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බවත්, අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල සුළං වේගය විටින් විට (පැ.කි.මී. 60 දක්වා) ඉහළ යාමට ඉඩ ඇති බවද පෙන්වා දෙයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත්, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
එමෙන්ම, දෘශ්‍ය ලෙස සූර්යයා දකූණට ගමන් කිරීමේදී සූර්යයා, මෙම අගෝස්තූ මස 28 දින සිට සැප්තැම්බර් 07 දින දක්වා ශ්‍රී ලංකාව ආශ්රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතී. ඒ අනුව, අද (07දා), දහවල් 12.09 ට, දොඩන්දූව, කොට්ටව සහ හුන්ගම යන නගර වලට හිරු මුදුන්ව පවතින බව පෙන්වා දෙයි.
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසිද දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසිද ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සුළං නිරිත දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-40 ක් පමණ වන බවත්, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සුළං වේගය විටින් විට පැ.කි.මී. 70 පමණ දක්වා ඉහළි යා හැකිබවත් පෙන්වා දෙයි.
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය විටින් විට ඉතා රළු විය හැකි අතර මීගමුව සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටෙක පැ. කි. මී. 50-60 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සිය නිවේදනයෙන් වැඩිදුරටත් දක්වයි.