දිවයිනේ නිරත දිග කොටසට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද (08දා) පෙරවරුවේ ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වලටත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටත් මිලි මීටර් 150 දක්වා තද වැසි බලාපොරොත්තුවන බවයි.
එසේම දකුණු හා වයඹ පළාත්වලත් වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ දැක්වෙයි. උෟව පළාතට හා අම්පාර හා මඩකලපුව යන දිස්ත්‍රික්කවලට සවස 2න් පමණ පසුව මිල මීටර් 75ක් දක්වා වැසි ඇතිවිය හැකි බවත් ඔවුන් පෙන්වා දෙයි. යාපනය හා මන්නාරම දිස්ත්රික්කයන්ට උදය කාලයේ වැසි ඇතිවන බවත් එම නිවේදනයේ දැක්වෙයි.