2015 වසරේ පළමු වසරට සිසුන් ඇතුළත් කිරීමට පාසල් මට්ටමින් පවත්වන පළමු සම්මුඛ සාකච්ඡා එළඹෙන මාසයේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය උපුටා දක්වමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
පළමු වසර සඳහා අයදුම්පත් භාර ගැනීම මේ මස 4දායින් නිමවිය.
සම්මුඛ සාකච්ඡා මණ්ඩලය පාසලේ විදුහල්පති, පාසල් සංවර්ධන සමිතියේ නියෝජිතයන්, ආදි ශිෂ්‍ය සංගමයේ නියෝජිතයන්, නියෝජ්‍ය විදුහල්පති හා ප්‍රථමික අංශ ප්‍රධාන ගුරුවරුන්ගෙන් සමන්විත වනු ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
කිසියම් පාසලක් සඳහා තෝරාගත් සිසුන්ගේ නාමලේඛනය තාවකාලිකව ප්‍රදර්ශනය කිරීමෙන් පසුව ඒ සඳහා ඇති ප්‍රතික්ෂේප කිරීම සති දෙකක් ඇතුළත ඇපෑලක් මගින් පාසලට යොමුකළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.