බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ පළමු දිනය වන අද (13දා) ඡන්දය ප්‍රකාශ කිරීම සිදුවූ දිවයිනේ කිසිදු ස්ථානයකින් මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා හෝ බරපතළ ආකාරයේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් කිසිවක් වාර්තා නොවූ බව කැෆේ සංවිධානය පවසයි.
එසේම තැපැල් ඡන්දය සලකුණු කිරීමේ මධ්‍යස්ථාන අසල නීති විරෝධී ප්රචාරක කටයුතු සිදුකළ අවස්ථා 4 ක් ගාල්ල, ගම්පහ, කොළඹ දිස්ත්‍රික්කවලින් වාර්තා වූ බවත් ඔවුහු පෙන්වා දෙති.
මේ අතර අද (13 දා) වන විට කැෆේ සංවිධානය වෙත මැතිවරණ පැමිණිලි 733 ක් ලැබී ඇති බවත්, එයින් පැමිණිලි 432 ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබෙන බව එම සංවිධානය පෙන්වා දෙයි.