කොදෙව් කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 215 ක් රැස්කිරීමට සමත්විය.
ක්‍රික්ඉන්ෆෝ ලකුණු පුවරුව
තරගය ආරම්භකිරීම ප්‍රමාද වෙයි
ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (09දා) පැවැත්වීමට නියමිතව තිබූ පළමු විස්සයි20 තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් මේ වනවිට තරගය ආරම්භ කිරීම ප්‍රමාද වී ඇත.
මෙම තරගයේ අද ප.ව. 7.00 ට ආරම්භ කිරීමට නියමිතව තිබුණද, සවස්වරුවේ සිට පැවැති වර්ෂාව ඒ වනවිටත් ඇදහැළෙමින් තිබු හෙයින් ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන් ආවරණය කර තිබුණි. කෙසේ නමුත් රාත්‍රී 7.30 පමණ වනවිට වර්ෂාව සම්පූර්ණයෙන් නතර වූ අතර, ඒ හේතුවෙන් රාත්‍රී 8.00 පසුවී බොහෝදුරට තරගය ආරම්භකිරීමට හැකියාව ඇති බව වාර්තා වේ. රාත්‍රී 8.00 වනවිට තරගය ආරම්භ කිරීමට හැකියාව ලැබුණහොත් කිසිදු පන්දුවාරයක් අඩු නොකර පූර්ණ තරගයක් ලෙස තරගය පැවැත්වීමට හැකියාව තිබේ.