පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණුවලට ඉහළින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 32,646 දෙනෙකු ලකුණු ලබා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පසුගිය අගෝස්තු මාසයේ පැවැති ශිෂ්‍යත්ව විභාගය සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 343,757 ක් පෙනී සිටියහ. මීට අමතරව විභාගයේ සමත් ලකුණු ලෙස සැලකෙන ලකුණු 70 ට ඉහළ ලකුණු ප්‍රමාණයක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 260,130 ක් විසින් ලබාගෙන ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 75.6%කි.
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව පාසල් සාධක දර්ශනයට අනුව ලංකාවේ ප්‍රථම ස්ථානය නිකවැරටිය එරියාව කනිෂ්ඨ විද්‍යාලයට හිමිව තිබේ.