2014 ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන්ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුබ පැතුම් පිරිනැමීය.ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට දක්ෂතා දක්වමින් දිවයිනේ, පළමුවැනි, දෙවැනි, තෙවැනි ස්ථාන ලබාගත් සිසුන් අද (30 දා) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.
දක්ෂතා ඇගයූ ජනාධිපතිතුමා ඒ සඳහා කැපවූ විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට දෙමාපියන්ටද තම ස්තූතිය පුදකර සිටියේය. එහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේ 2005 වසරේදී 39.7% ක් වූ ශිෂ්‍යත්ව සමත්වන සිසුන්ගේ ප්‍රතිශතය අද වනවිට සියයට 78.9% දක්වා වර්ධනය වී ඇති බවයි.