Video- පහ වසර ශිෂ්‍යත්වය නිම කිරීම සඳහා රජය මේ දක්වාම තීරණයක් ගෙන නොමැති බවත්, එය සාමාන්‍ය පරිදි ඉදිරියට යන බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.මේ පිළිබඳව කැබිනට් මණ්ඩලය තුළ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවද, ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
“ශිෂ්‍යත්වය අහෝසි කරන්නෙ නෑ. මේ පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ සාකච්ඡාවට ලක්වුණා. ඇමති මණ්ඩලය මෙය ඉදිරියට යා යුතුයි කියන මතයේ ඉන්නවා” යැයි අමාත්‍යවරයා පැවසීය.
එසේම විභාගය සරල කිරීම සඳහා අධ්‍යාපනයේ වෙනස සමගින් විශාල පිම්මක් පැනිය යුතු බවත්, එය බලාපොරොත්තුවෙන් සිටින බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
VIDEO/PICTURES- ඉසුරු පෙරේරා