පහුගිය කාලේ තමාගේ අමාත්‍යාංශය මගින් රට කරවූ බවත්, මෙරටට වැඩිම ආදායමක් ගෙන ආවේ විදෙස්ගත ශ්‍රමිකයන් බවත් විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.
2017 අයවැය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊයේ(12දා)පාර්ලිමේන්තුවේදී ඇය මේබව පැවසුවාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය, පහුගිය කාලේ මගේ අමාත්‍යාංශය තමයි මේ රට දිවෙව්වේ. වැඩිම ආදායමක් ගෙනාවේ විදෙස්ගත ශ්‍රමිකයෝ. වෙනත් රටවලට ගිහින් බැලමෙහෙවරකම් කරනවා වෙනුවට මෙරට ඉඳන් රැකියා කළ හැකි රැකියා දසලක්ෂයේ සංවර්ධන ඉලක්කයකට අද යොමුවෙලා තියෙනවා. 2016 අයවැය වගේම මේ අයවැයේදීත් අහිංසක මිනිස්සුන්ට අත්‍යාවශ්‍ය ආහාරවේලක් ලබා ගැනීමේදී දිය යුතු උපරිම සහන දීලා තියෙනවා. නාගරිකව ජීවත්වන අයට ගෑස්, ඉන්ධන සහන දීලා තියෙනවා. මේ කිසි එකක් මත වැට් බද්ද නෑ. අත්‍යාවශ්‍ය ආහාර වර්ග සියල්ල වැට් බද්දෙන් නිදහස්” යනුවෙන් ප්‍රකාශ කළාය.
අමාත්‍යවරිය වැඩිදුරටත්අදහස් දක්වමින් මෙසේ පැවසුවාය, අද වැට් බද්ද ගැන කතා කරනවා. ඒත් කිසිම කෙනෙක් කතා කරන්න කැමති නෑ ලක්ෂ 42ක් වන පාසල් ළමයින්ට රක්ෂණාවරණයක් ඇතිකරපු එක ගැන. කතා කරන්නේ ටැබ් එක දෙන එක ගැන. එක කොටසකට විතරක් සීමාවෙලා තිබුණ දේවල් හැමෝටම බෙදිලා යනකොට සමහරුන්ට හරි අමාරුයි. අද නිර්දේශපාලනිකව මේ ආණ්ඩුව පවත්වාගෙන යන්නේ 2005 ඉඳන් 2015 වෙනකම් තිබුණ නාස්තිය උපරිම වශයෙන් නැති කරලා. අද ඇමතිවරු විදිහට අපිට කැමති කැමති දේවල් කරන්න බෑ. අපි දැක්කා පහුගිය කාලේ අමාත්‍යංශවල වැඩ කරලා තිබුණේ කොහොමද කියලා* යනුවෙන් පැවසුවාය.